මන්ත්‍රීධුර අවශ්‍ය නැති බව ෆොන්සේකා කියයි
තමන්ට පාර්ලිමේන්තු යාමට අවශ්‍ය නොවන බව ප්රජාතන්ත්රවාදි පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
අමාත්‍ය තනතුරු හෝ මන්ත්‍රී වරප්‍රසාද අවශ්‍ය නම් ප්‍රධාන පක්ෂයක් සමග මැතිවරණයට පිවිසීමේ අවස්ථාව තිබූ බව ඊයේ (01 ) මාවනැල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක දී ඔහු සඳහන් කර ඇත.
“අපට අවශ්‍ය නැහැ පාර්ලිමේන්තු යන්න, මට පුද්ගලිකව අවශ්‍යතාවයක් නැහැ මන්ත්‍රී ධුර, කොහෙත්ම මට ඒ සඳහා තනතුරු අවශ්‍ය නැහැ. මට පුද්ගලිකව අවශ්‍ය නැහැ මැති ඇමති කම්, ඒවා ගන්න ඔනෑ නම් ප්‍රබල පක්ෂ වලින් අපට එන්න වුනත් තිබුණා. ජනතාව හරි මග ගෙනයන්න ඔනෑ නිසා තමයි වෙනම බලවේගයක් ගොඩනගන්න කල්පනා කළේ.
මෙවා ජනතාව තුළ ඇති වෙච්ච දවසක අපි මෙ වේදිකාවලින් බැහැලා යනවා. මෙවාගේ රැදි සිටිමින් වරප්‍රසාද ලබා ගනිමින් වැජබෙන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා අපි ගෞරවයෙන් ජනතාවගෙන් ඉල්ලනවා මෙ දේ හොඳින් තේරුම් ගෙන වැඩ කරන්න කියලා. මෙ දේ ඔබලා තේරුම් ගත්ත ගමන් දේශපාලඥයින් ඔබ ඉදිරියේ දණ ගහනවා.”