මන්ත්‍රීන් ගණන 237ක් සහිත 20 වන සංශෝධනයට කැබිනට් අනුමැතිය

null

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 237කින් සැදුම්ලත් නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

අද පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඊට අදාළ අනුමැතිය හිමිවූ බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි අද රැස්වූ කැබිනට් මණ්ඩලය ආසන මට්ටමින් මන්ත්‍රීන් 145ක් තෝරාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදෙමින් දැනට පවත්නා මන්ත්‍රී ආසන සංඛ්‍යාව 225 සිට 237 දක්වා වැඩි කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ මෙතෙක් මහජන නියෝජිතයින් 225ට ඉඩ තිබූ පාර්ලිමේන්තුවට තවත් මන්ත්‍රීන් 12 දෙනෙකුට පිවිසීමේ අවස්ථාව හිමිකර දෙමිනි.

කැබිනට් අනුමැතිය ලැබුණු 20 වන ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේ ගැසට් කිරීමට නියමිත බව පැවසෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>