මන්ත්‍රීන් 192ක් උ/පෙළ අසමත් – එයින් 94ක්ම සා/පෙළ අසමත්
රාජපක්ෂ පාලන සමයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනාගෙන් එකසිය අනූදෙදෙනකුම (192) අපොස උසස් පෙළ අසමත් වූවන් යෑයි ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මේ අයගෙන්ද මන්ත්‍රීවරුන් අනූහතරක්ම (94) අපොස සාමාන්‍ය පෙළ අසමත් වූවන් යෑයි ඒ මහතා කොළඹ පදනම් ආයතනයේ පැවැති ජන හමුවකදී පැවැසීය.
අපොස සාමාන්‍ය පෙළ, අපොස උසස් පෙළ අසමත් වූවන් පාර්ලිමේන්තුවේ හා ඇමැති මණ්ඩලය නියෝජනය කිරීම නිසා රාජ්‍ය නිලධාරීන්ද පහසුවෙන්ම දූෂිත කටයුතුවලට යොමුවන බවද ඇමැතිවරයා එහිදී පැවසීය.
චීනය වැනි රටවල පක්ෂයට ලැදිව කටයුතු කරන අයට වඩා ඉංජිනේරුවන් සහ කළමනාකරණ ක්ෂේත්රවල අයට අගමැතිකම දෙන්න 1982 සිට තීරණය වී ඇතැයි ද පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකම ඒකාබද්ධ වූ සමාජ වෙළෙඳපොළ ක්‍රමය ක්‍රියාත්මක කර ශ්‍රී ලංකාව ඉදිරි පස් වසර තුළ යෝධ සංවර්ධනයකට ලක් කිරීම සැලසුම යෑයිද එක්සත් යහපාලන පෙරමුණේ ලේකම් පාඨලී චම්පික රණවක මහතා එහිදී තවදුරටත් සඳහන් කළේය.