මන්ත්‍රී රත්තරං කරත්තයකින් පළාත් සභාවට

null

දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) මහතා අද උදෑසන කරත්තයක නැගී පළාත් සභා රැස්වීමට පැමිණ තිබේ.

ඒ, තමන්ට අයත් වාහනයක් කුරුණෑගල ප‍්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි ජනාධිපති කාර්යාලයට අයත් වාහනයක් බව පවසමින් පොලිසිය සිය වාහනය අත්අඩංගුවට ගත් බවද ක‍්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

ඔහු පැමිණි කරත්තයේ පුවරුවක්ද එල්ල තිබු අතර එහි සඳහන් වූයේ “මෙය ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් නොවේ” යනුවෙනි.

ක්‍රිශාන්ත පුෂ්පකුමාර මහතා එක්සත් ජාතික පක්ෂයේ සිට පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූ මන්ත්‍රීවරයෙකි.

දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පුෂ්පකුමාර මන්ත්‍රීවරයා එන මග පුවරුවක් ප්‍රදර්ශනය කරමින් සිටි අතර එහි සටහන් වූයේ “අපේ පැත්තේ හිටියනම් ඔය වගේ ගොන් වැඩ කරන්න වෙන්නේ නෑ.” යනුවෙනි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>