මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුමගේ පාදයක් අහිමිවේ

ajithmannapperuma

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ඊයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනතුරට පත්ව බරපතල තුවාල ලබා රෝහල් ගත කළ අතර ඒ මහතාගේ දකුණු පාදයේ දණහිසෙන් පහල කොටස කපා ඉවත් කිරීමට සිදුවී ඇති බව වාර්තා වේ.

ඔහු ප්‍රචාරක රසිවිමකට මොනරාගලට ගොස් නැවත කොළඹ බලා පමිනෙමෙන් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනතුරට පත්ව ඇත. මන්ත‍්‍රීවරයා ගමන් ගත් ජීප් රථය අධිවේගී මාර්ගයේ 40 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී රියදුරාට පාලනය කිරීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටෙහි ගැටී ඇත.

අනතුරුව තුවාල ලැබූ ඔවුන් කළුතර – නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ. කෙසේ වෙතත් ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ අනතුරින් මන්ත‍්‍රීවරයාගේ පාදවලට තුවාල සිදුවී ඇති බවයි. එහි ඇතුලත් කල පසු මන්ත්‍රීවරයාගේ දකුණු පාදයට සැත්කමක් කිරීමට තීරණය කල වෛද්‍යවරුන් පසුව අධික රුධිර වහනය හා පාදයේ තත්වය සලකා හදිසි ශල්‍යකර්මයකින් පාදයේ දණහිසෙන් පහල කොටස කපා ඉඅවත් කිරීමට කටයුතු කර ඇති බවට වාර්තා වෙයි.

accident

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>