මන්ත‍්‍රී ධුරය ඉල්ලා සරත් ෆොන්සේකා උසාවි යයි

null

තම පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය යළි ලබාදෙන්නැයි ඉල්ලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා ඊයේ අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, මැතිවරණ කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර ඇත.

2011 වසරේදී සරත් ෆොන්සේකාට හිමිවූ සිර දඬුවම හේතුවෙන් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය පුරප්පාඩු වු අතර ඒ වෙනුවෙන් ජයන්ත කැටගොඩ පත් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගනු ලැබුවේය.

එහෙත් මේ වන විට තමන් සියලු චෝදනා වලින් නිදහස් කර ඇති බැවින් එම පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරීමට හැකියාව පවතින බැවින් තමන්ව අදාළ මන්ත්‍රීධූරයේ පත්කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ෆොන්සේකා මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>