මනුෂගේ වාහනයට හැපී අයෙක් මියගිය අයුරු – Video

null

එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානයක්කාර මහතාගේ ජීප් රථයෙහි ගැටී 76 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.

කොළඹ – දෙනියාය මාර්ගයේ වවුලුගල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී මනුෂ නානයක්කාර මහතා ඇතුළු පිරිසක් ජිප් රථයේ ගමන් කර ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් අකුරැස්ස ප්‍රදේශයේ මැතිවරණ කටයුත්තක් සඳහා ගොස් ආපසු එමින් සිටියදී ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ඉමදූව රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් ඇති බව වාර්තා විය. එම සිද්ධිය සම්බන්ධයෙන් මනුෂ නානයක්කාර මහතාගේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර එම ස්ථානයේ සිටි අයෙක් සිද්ධිය පටිගත කර තිබෙන අතර එම වීඩියෝව පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>