මම ක්‍රීඩා කරන්නේ ෆේස්බුක් ලයික් බලාගෙන නෙවෙයි

null

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග රිවිර පුවත්පත සමග සාකච්චාවකට එක්වෙමින් ඔහුගේ ජනප්‍රියත්වය සහ ෆේස්බුක් ඇතුළු සමාජ වබේ අඩවි පිළිබඳව ඔහුගේ අදහස් මෙලෙස ප්‍රකාශ කර තිබේ.

මාලිංග මේ දවස්වල පුහුණුවීම් කටයුතු එක්කද කාලය ගතවෙන්නේ?

මේ දවස්වල වැඩිපුර කාලයක් පුහුණුවීම් කටයුතුවලට යොදවනවා. තරග තවම පටන් ගත්තේ නැති නිසා ලොකු කාර්යබහුලකමක් නැහැ

තරගයක් දිනුවත් පැරදුණත් මුලින්ම ක්‍රීඩාලෝලීන්ගේ විචාරයට ලක්වෙන්නේ මාලිංග. ඒ ගැන දුකක් නැද්ද?

ක්‍රීඩාලෝලීන් විතරක් ‍නෙවෙයි හැම ක්‍රීඩකයෙක්ම කැමැතියි ජයග්‍රහණය ලබන්න. නමුත් හැම තරගයක්ම ජයගන්න බැහැ. මමත් අනෙක් ක්‍රීඩකයන් හැමෝමත් හැම තරගයක්ම උපරිමයෙන් කරනවා. අපිට වැදගත් වෙන්නේ රටේ ජයග්‍රහණය විතරයි. එතකොට මුළු සමාජයම ඒ ජයග්‍රහණය පිළිගන්නවා. තරග ජයග්‍රහණය කළොත් කියන්නේ අපි රට වෙනුවෙන් ක්‍රීඩා කළා කියලා. පැරදුණොත් අපි රට වෙනුවෙන් ක්‍රීඩා කළේ නැහැ කියනවා. මම විකට් ගත්තේ නැතත් ඒ චෝදනාවම එල්ල කරනවා. මම දැන් ජාතික කණ්ඩායම එක්ක එකතුවෙලා අවුරුදු එකොළහක් විතර ක්‍රීඩා කරනවා. ඒ කාලය පුරාවට ඒ හැමදේම මම විඳ දරාගෙන තියෙනවා. ඒක දැන් පුරුදු දෙයක්.

ෆේස්බුක් ඇතුළු සමාජ වබේ අඩවිවල ලසිත් මාලිංග හරි ජනප්‍රියයි නේද?

මං කවදාවත් සෝෂල් මීඩියා බලාගෙන වැඩ කළ කෙනෙක් ‍නෙවෙයි. සමහරු නම් ඉන්නවා ඒ ජනප්‍රියත්වය බලාගෙනම ක්‍රීඩා කරන අය. මට නම් එහෙම ඕන නැහැ. මං සෙල්ලම් කරන්නේ ෆේස්බුක් ලයික් ගාන බලාගෙන ‍නෙවෙයි. ඇත්තටම ඕනෑම ක්‍රීඩකයෙක් ලොකු අවදානමක් අරගෙන පන්දු යැව්වොත් විතරයි හොඳ තරගයක් දෙන්න සමත් වෙන්නේ. අවදානම සාර්ථක වුණොත් ජයග්‍රහණය අනිවාර්යයි. ඇත්තටම මට වටින්නේ තරග ජයග්‍රහණය මිස ෆේස්බුක් ප්‍රතිචාර ‍නෙවෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>