30 Oct 2015
මම කියලා තිබුණේ සිසුන්ට ගහන්න එපා කියලා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේත් මහාපරිමාණ වංචා හා දූෂණ විමර්න ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබුණි.
එ් ඉකුත් ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය රූපවාහිනී නාලිකාවක, ප්‍රචාරය වූ දැන්වීම් සඳහා ගෙවීම් පැහැර හැර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන්.
එම කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව සරසවි සිසුන් පිරිසකට ඊයේ සිදුවූ පහරදීම ගැන මාධ්‍යවේදියෙකු විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම පහරදීම තමන් අනුමත නොකරන බවයි.
“මම කියලා තිබුණේ සිසුන්ට ගහන්න එපා කියලා. මම ආවාම කිරි දුන්නා. පෙළපාලිවලින් ආපු අයට කන්න දුන්නා ඒ ඔක්කොම කරලා තමයි ගැහුවේ සමහරුන්ට”
අවම බලය පාවිච්චි කළ හැකි වුණත් මෙවැනි බලයකට අවම බලයක් කිව නොහැකි බවත්, එම පහරදීම අනුමත නොකරන බවත්, ඔහු සඳහන් කර තිබේ.