මම තරඟ කළොත් දිනන බව දන්නවා

null

තමා ඉදිරි මැතිවරණයෙන් අග්‍රාමාත්‍යවරයා වේදැයි නොදන්නා නමුත් මැතිවරණයට තරඟ කරනු ලැබුවහොත් ජයග්‍රහණය කරන බව දන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අල්ජසීරා රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම එම අදහස් පළකර තිබේ.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරුණු දිනයේ තව දුරටත් බලය පාවිච්චි කරමින් බලයේ රැඳී සිටීමට උත්සාහයක් තිබුණේදැයි මාධ්‍යවේදිනිය ඇසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ මහතා කියා සිටියේ එකී චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

මේ එහිදී හිටපු ජනාධිපතිවරයා දැක්වූ අදහසයි…

“එය සැබවින්ම විහිලූවක්. පැයක් දෙකක් වැනි කාලයක් තුළ කුමන්ත්‍රණයකින් බලය ලබා ගන්න උත්සාහ කළ බව කීම විශ්වාස කළ හැකි ද? ඒ විදියට ආණ්ඩු බලය ලබා ගන්න මට කොහොමවත් වුවමනාවක් තිබුණේ නැහැ. මම තීරණය කරලයි තිබුණේ පැරදුණොත් බලය ලබාදෙන්න. යුද්ධෙදි අසීමිත බලය අනව්‍යශ පරිදි යෙදවූ බවට ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් වුණා. එය මට එරෙහිව සංවිධානාත්මකව පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් බව කිව යුතුයි. රටේ මීළඟ අගමැති වන බව මම කියන්නේ නැහැ. එහෙත් මම තරඟ කළොත් දිනන බව විතරක් කිව යුතුයි.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>