මම මාලිනීට බැණ වැදුනේ නෑ – සුජීව

null

තමන් මාලනී ෆොන්සේකා මහත්මියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු නොකළ බව නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ එලෙස ප්‍රකාශයක් සිදුකළේ නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.

සුජීව සේනසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා තමාගේ පෞද්ගලික ජීවිතයට අපහාස වන අයුරින් අසභ්‍ය ප්‍රකාශයක් සිදුකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ පාර්මේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

කෙසේ වෙතත් අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසන්නේ මාලනි ෆොන්සේකා මහත්මියට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බවටසිදුකරන ප්‍රකාශ අසත්‍ය බවයි.

එමෙන්ම අද පුවත් වාර්තා කරන පරිදි රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස් පිනට පැමිණි පිරිස් බවට ප්‍රසිද්ධියේ පවසා සිටි බවත්, එහිදී පිනට පැමිණියේ ඔබතුමිය බවට මන්ත්‍රීතුමියට පවසා සිටි බව ඔහු සඳහන් කර තිබේ.

එහිදී මන්ත්‍රීතුමිය තෝ වරෙන් එළියට කියා බල්ලා, බූරුවා වශයෙන් සඳහන් කරමින් බැණ වැඳුණු බවද ඔහු පවසයි. එසේ නොමැතිව තම කිසිදු ආකාරයකින් මන්ත්‍රීතුමිය බැණ නොවැදුණු බවත්, බැණ වැදීම සිදු කළේ මන්ත්‍රීතුමිය විසින් බවද සුජීව සේනසිංහ මහතා පවසා සිටියේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>