මම CTBයෙන් කිසිවක් අරගෙන නෑ

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ඊයේ (13) සිතාසි නිකුත් කර තිබේ.

ඒ, ඉකුත් ජනාධිපතිවරණ සමයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා මුදල් නොගෙවා බස් රථ ලබාගැනීමෙන් රුපියල් මිලියන 140 කට වඩා වැඩි අලාභයක් සිදුකර ඇති බවට එල්ල වූ චෝදනා මතයි.

ඊට අදාළ නඩුව ලබන මාර්තු මස 10 වනදා යළි කැදවීමට නියමිතයි. එදිනට අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දක්වන ලෙසටයි මෙලෙස සිතාසි නිකුත් කර ඇත.

කසේ වෙතත් මේ පිළිබඳව විමසීමකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් ලංකා ගමන මණ්ඩලයෙන් කිසිවක් ලබාගෙන නැති බව යි.

අදාළ නඩුව සිවිල් නඩුවක් බවත් සිතාසි පැමිණිවිට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>