03 May 2015
මරණයට ගෙන යමින් සිටි ගවයා බේරාගත් තරුණයන්
මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොළ ප්‍රදේශයේ දී මරණයට රැගෙන ගිය ගවයෙකුට අභය දානය ලබා දීමට තරුණයෝ පිරිසක් කටයුතු කර තිබේ.
හිරු නිව්ස් වාර්තා කරන පරිදි ගවයා මරණයට රැගෙන යමින් සිටි ව්‍යාපාරිකයා සඳහන් කර ඇත්තේ රුපියල් 40 0000 කට ගවයා ලබා දිය හැකි බවයි.
ඒ අනුව තරුණයෝ පිරිස වහා ගවයා සිය භාරයට ගෙන මුදල් එකුතු කිරීම ආරම්භ කර තිබේ. ඒ මොහොතේ පාරේ ගමන් කරමින් සිටි පිරිස් මුදල් ලබාදෙමින් එම පුණ්‍ය කටයුත්තට දායක වී ගවයා බේරාගැනීමට කටයුතු කර තිබේ.
පින්බර වෙසක් මංගල්‍යයේ පින්කමට දායක වූ සැමට යහපතම වේවා…!