මරණයෙන් කෙළවරවූ අනියම් පෙම

null

ඌරුගස්මන් හන්දිය, කැරැකැටිය ප‍්‍රදේශයේදී ඊයේ (07) රාතී‍්‍ර සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

කාන්තාවක සමඟ අදාළ පුද්ගලයා ඇති කරගෙන ගිය අනියම් සම්බන්ධතාවක් මත අදාළ කාන්තාවගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.

එම කාන්තාව සහ මියගිය පුද්ගලයා ඊයේ රාති‍්‍රයේ සිය නිවසේ මුළුතැන්ගෙයි සිටිනු දැක අදාළ කාන්තාවගේ සැමියා මෙම පිහි ප‍්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.

එහිදී කැපුම් තුවාල ලැබූ 25 හැවිරිදි කාන්තාවද ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධියෙන් මියගොස් තිබෙන්නේ 23 හැවිරිදි තරුණයෙකි.

ඝාතනයට සම්බන්ධ 27 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>