මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සුදුසුදැයි සොයනවා
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම සුදුසුදැයි සංවාදයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ මත්කුඩු, මත්ද්‍රව්‍ය අලෙවි කරන සහ බෙදා හරින පුද්ගලයින්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම උදෙසා සමාජ සංවාදයක් ආරම්භ කළ යුතු බව යි.
ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනයට සමගාමීව සංවිධාන කෙරුණු ජාතික වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
“තුන්වේල සමහරවිට කන්ඩ නැතත්, එහෙම නැත්තම් හරියට ඇඳුමක් පැළඳුමක් ඇඳගන්න අතේ සල්ලි නැතත්, අරක්කු සිගරට් පාවිච්චි කිරීමේ අඩුවක් නෑ. ලෝකයේ සමහර රටවල්වල මම සොයලා බැලුවා පහුගිය සතියෙත්. මේ සම්බන්ධයෙන් දෙන දඩුවම් පිළිබඳව. හාමුදුරුවනේ ඔබවහන්සේලාගේ අදහස මේ පිළිබඳව මම කොහොමද දන්නේ නැහැ. මම රට තුළ සංවාදයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. මත්කුඩු, මත් පෙති අලෙවි කිරීම, ගෙන්වීම, බෙදා හැරීම කරන අය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය දීම සුදුසු ද කියන කාරණාව. මේ ගැන නොයෙකුත් විරෝධතාවයන් ඒවි. ජාත්‍යන්තර මානව හිමිකම් කතා කරාවි. අපේ රට තුළත් සමහර අය කියයි ප්‍රශ්නයට විසඳුම මිනිස්සු මරණ එක නෙවෙයි කියලා. ඒවා අලෙවි කරන ගෙන්වන බෙදා හරින අය සඳහා මරණීය දණ්ඩනය දීමා සුදුසු ද කියන කාරණාව පිළිබඳව මේ පිළිබඳව ජනමතය, තත්ත්වය සැලකිල්ලට අරගෙන අපි ඉදිරියේදි පුළුවන් තීරණයක් ගන්න.”