මරණ දඬුවමට එරෙහිව වෙළේ සුදාගෙන් අභියාචනයක්

null

හෙරොයින් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවමට නියම වූ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා එම නඩු තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ගොනුකර තිබේ.

වෙලේ සුදාට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණය ඊයේ (14) ලබාදුන් තීන්දුවේදී නීතිමය කරුණු වරදවා වටහාගෙන සහ වැරදි ලෙස අර්ථ දක්වා ඇතැයි අදාළ පෙත්සමේ සඳහන්.

හෙරොයින් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙළේ සුදාට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඊයේ මරණ දඬුවම නියම කලේ මාස 3 ක් තිස්සේ අඛණ්ඩව විභාගවූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

මෙහිදී දඬුවම නියම කිරීමට මත්තෙන් අවසන් වශයෙන් පැවසීමට යමක් ඇත්දැයි විනිසුරුවරයා විත්තිකරුවන සමන්ත කුමාර හෙවත් වෙළේ සුදාගෙන් විමසා සිටි අතර, ඔහු එහිදී සඳහන් කළේ තමාට නගා ඇති චෝදනා කිසිවක් සත්‍ය නොවන බවයි.

කෙසේ නමුත් මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මෙහිදී කියා සිටියේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

මේ අතර පොලිසිය පවසන්නේ වෙලේ සුදාට එරෙහි තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි. ඊට අදාළව නඩු කිහිපයක්ද විභාග වෙමින් ඇතැයි පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>