මරණ දඬුවම එපා කියූ ළමාරක්ෂක සභාපතිනියට රන්ජන් දෙහි කපයි

null

සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය පිළිබඳ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය කොළඹ සිට ප්‍රකාශ නිකුත් කිරීම නොගැළපෙන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.

සේයා සඳෙව්මි දැරිය ඝාතනයෙන් පසුව ළමා අපචාර සඳහා මරණ දඬුවම ඉල්ලා සමාජයේ කතිකාවතක් ගොඩනැගුනු මොහොතක අධිකාරියේ සභාපතිනිය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ මෙවැනි වැරදි සඳහා මරණ දඬුවම අනවශ්‍ය බවයි.

ඇය සිදු කළ මෙම ප්‍රකාශය මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ (17)පැවති මාධ්‍ය හමුවක දී ද දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ අපරාධකරුට හා ළමා අපරාධ කරන්නන්ට මරණ දඬුවම ලබාදිය යුතු බවයි.

“ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය අම්මා කෙනෙක්ද කියලා මං අහනවා… අද මානව හිමිකම් නිහඬයි… . ළමයෙක් දූෂණය කොට අධික ලේ වහනය වන විදියට දැරියක් මරල දැම්මම කොළඹ හතේ නෝනලා කියනවා අවම 10 යි උපරිම 20 යි කියලා….

ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනියට දරු කැක්කුමක් නැතිවුණාට අපි ළමයින්ට ආදරෙයි….. නීතිඥ මහත්තුරු තමයි චූදිතයා මරණවට අකමැති….චූදිතයා මිල අධිකයි…. නීතිඥවරුන්ගේ ගාන කැපිල්ල තමයි අඩුවෙන්නෙ….. ඔය සභාපතිනිය කවදද ඔය සිදුවීම සිදුවුණු තැනට ගියේ…. කොළඹට වෙලා ප්‍රකාශ නිකුත් කරලා වැඩක් නෑ….”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>