මරණ දඬුවම නැවත ගෙන එන ලකුණු

null

මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ලබන 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍යවරු පිරිසක් තීරණය කර තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

සේයා සඳෙවුමි දැරියගේ ඝාතනයත් සමග එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේද දේශපාලනඥයෝ විශාල පිරිසක් මරණ දඬුවම ගෙනඒමේ යෝජනාවට කැමැත්ත පළ කර සිටින බව පැවසේ.

විශේෂයෙන් ළමා අපචාර සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව මෙම දේශපාලනඥයන්ගේ අදහස වී ඇත.

ඔවුන් මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ද උපදෙස් ලබා ගැනීමට නියමිත ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>