මරණ දඬුවම ලබාදීම සදහා පූර්ණ බලය ජනපති සතුයි

null

මරණ දඬුවම ලබාදීම සදහා ජනාධිපතිවරයා අදහස් කරන්නේ නම් ඒ සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවන අතර ඒ සඳහා පූර්ණ බලය ජනාධිපතිවරයා සතුව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

පසුගියදා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසුවේ මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට තමන්ගේද අකමැත්තක් නොමැති බවත්, ඊට අදාළව පාර්ලිමේන්තුවේද අදහස් විමසා සිටින බවත් ය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා එම අදහස් පළකර තිබේ.

ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුනොත් එය ලබන සතියේ සිට ක්‍රියාත්මක කර මරණ දඬුවම නියම වූ පුද්ගලයින් දහය බැගින් මාස තුනක් ඇතුළට සියලු පුද්ගලයින්ට මරණ දඬුවම දිය හැකි බව යි.

එමෙන්ම මරණ දඬුවම ලබාදීමෙන් අපරාධ වළක්වාලිය නොහැකි බව හෙතෙම අවධාරණය කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>