25 May 2015
මරදානේ ගින්නකින් තිදෙනෙක් මරුට
මරදාන – එල්ෆින්ස්ටන් රඟහල අසල ආපන ශාලාවක අද (25) පස්වරුවේ ඇතිවූ ගින්නකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට සැක කරන අතර ගින්නෙන් මෙම ආපන ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
කොළඹ ගිනි නිවීමේ ඒකකයට අයත් ගිනි නිවීමේ රථ 11ක් යොදා ගින්න මැඬ පවත්වා තිබේ. එම අවස්ථාවේ ගින්නට මැදිව ආපන ශාලාව තුළ සිරවී සිටි පුද්ගලයින් තුන්දෙනෙකු මහත් පරිශ්රරමයක් යොදා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් මුදා ගනු ලැබුහ.
පසුව ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ද ඔවුන් ඒ වන විටත් මිය ගොස් සිටි බව ජාතික රෝහලේ අධ්යක්ෂ අනිල් ජාසිංහ සදහන් කරයි.