මර්වින් සිල්වාත් රහස් පොලීසියට

null

මීට සති දෙකකට පමණ පෙර සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ (10) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබේ.

ඒ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු කළ පැමිණිල්ලට අනුව කරන විමර්ශණයන්හි ප්‍රගතිය සොයාබැලීම සඳහා යි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවතට පැමිණි අවස්ථාවේ හිටපු අමාත්‍යවරයාට මාධ්‍යවේදීහු ප්‍රශ්න කිහිපියක් යොමු කළහ.

එහිදී ඔහු කියා සිටියේ පැමිණිල්ලේ විමර්ශණ කටයුතු කඩිනම් කරනබව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට පැවැසූ බවයි.

එමෙන්ම ඉදිරි මහමැතිවරණය පිළිබඳවද මාධ්‍යවේදීන් ඔහුට ප්‍රශ්න කිහිපයක් යොමුකළ අතර ඒවාට ඔහු පිළිතුරු දුන් අයුරු පහත විඩියෝවෙන්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>