මරාගෙන මැරෙන කොටියා ජනපතිට කී දේ

null

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම ඇමතිවරයාව සිටියදී බොරලැස්ගමුව ප‍්‍රදේශයේදී ඝාතනයට පැමිණි බව ඔප්පුවීම නිසා දඬුවම් නියම කර සිටි ශිවරාඡ් ජිනීවන් නම් හිටපු එල්. ටී. ටි. ඊ. මරාගෙන මැරෙන කොටි සාමාජිකයාට ඊයේ (09) ජනාධිපති සමාව හිමි විය.

ඔහු ඊයේ ජනපති වර්ෂ පූර්ණ උත්සවයට සහභාගි වු අතර වේදිකාව මතදී සිය කෘතඥතාව මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත පළ කළේය.

එහිදී ඔහු “සර්, ඔබතුමා මට මෙහෙම සමාවක්‌ දෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මේ බව ඇහුවම මට අදහා ගන්නත් බැරි වුණා. මාව නිදහස්‌ කළාට සර්ට දහස්‌ වාරයක්‌ ස්‌තුතියි” යනුවෙන් සඳහන් කර තිබේ.

“ඔබ හොඳින් මේ සමාජයේ ජීවත් වෙන්න” යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට එහිදී සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>