මරා දැමූ මවගේ පසුම්බියෙන් ගත් මුදල් නෝට්ටුවල පුතාගේ ඇඟිලි සලකුණු
පසුගිය 05දා කහවත්ත කොටකෙතන ප්‍රදේශයේදී තුන් මසක ආදර අන්දරයට සිය මව ඝාතනය කළ පවුලේ දෙවැනි පුතා මව ඝාතනය කිරීමෙන් පසු ඇගේ මුදල් පසුම්බියේ තිබී ලබාගත් රුපියල් 400ක මුදලින් නෝට්ටු කීපයක සැකකරුගේ ඇඟිලි සලකුණු තිබී හමුවී තිබේ.
ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියකු සඳහන් කෙළේ මව ඝාතනය කොට කොටකෙතන ඇළට විසිකර දැමූ පිහිය සොයාගැනීමට නාවික හමුදාව මෙතෙක් කරන ලද පරීක්ෂණ අසාර්ථක වී ඇති බවයි.
දැනට උද්ගතවී ඇති තත්ත්වය මත සැකකාර පුතා විසින් එම පිහිය වෙනත් ස්ථානයකට විසිකර ඇද්ද යන්න ගැන පොලිසියට සැක මතුවී තිබේ. දෙවැනි පුතා අතින් මෙසේ ඝාතනයට ලක්වී තිබුණේ කොටකෙතන ප්‍රදේශයේ පදිංචි එච්. ඩබ්ලිව්. චන්ද්‍රානි ස්වර්ණලතා නමැති කාන්තාවකි. ඒ පිළිබඳ සැකකරුගෙන් යළි ප්‍රශ්න කිරීමට සිදුවුවහොත් අධිකරණයේ අවසරය මත ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගන්නා බවද පොලිසිය පැවැසීය.
මේ ඝාතනයට අදාළව විද්‍යාත්මක සාක්ෂි ගණනාවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. එම විද්‍යාත්මක සාක්ෂි පිළිබඳ අවසන් තීරණයකට එළැඹීමට ඒවා රජයේ රස පරීක්ෂකවරයාට මෙන්ම ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා ජින්ටෙක් ආයතනයට යවා ඇති බවද පොලිසිය පැවැසීය.
සැකකරු සමඟ පෙම්බැඳ සිටි තරුණියගෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඝාතනය සිදුවූ දින රාත්‍රියේ සැකකරු පෙම්වතිය සමඟ ජංගම දුරකතනයෙන් කෙටි පණිවුඩ 121ක් යවා ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ කොටකෙතන ප්‍රදේශයට පිටත්කර යවන ලදී.
එම විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂ ජේයෂ්ඨ පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් මත එම විමර්ශන අංශයේ ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ප්‍රේමලාල් විජේරත්න