මරා පුළුස්සා දැමු මළසිරුරක් අධිවේගී මාර්ගයට දමන්න යද්දි හසුවේ

null

පුද්ගලයකු ඝාතනය කර පුළුස්සා වෑන් රථයකින් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අතුරුගිරිය කහන්තොට ප‍්‍රදේශයේදී 119 යතුරුපැදි සංචාරයේ යෙදී පොලිස් නිලධාරියෙකු විසින් අදාළ වෑන් රථය පිළිබඳ සැක සිතී පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී වෑන් රථය තුළ රෙදි කඩකින් ඔතා තිබූ අඩක් පිළිස්සුණු මළ සිරුර පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

ඒ අනුව වෑන් රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා අතුරුගිරිය පොලිසිය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ පිළියන්දල මඩපාත ප‍්‍රදේශයේදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි. මියගිය පුද්ගලයා අත්අඩංගුවට පත් එක් සැකකරුවකුගේ ඥාතියෙකු ද වේ.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මියගිය පුද්ගලයා සහ ඝාතනය සිදුකළ පුද්ගලයන් දෙදෙනා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි. මියගිය පුද්ගලයා ඝාතනය සිදුකළ එක් පුද්ගලයෙකුගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙන අතර ඒ හේතුවෙන් මොවුන් අතර කාලයක් තිස්සේ ආරවුලක් පැවති බව වාර්තා වේ.

ඝාතකයන් සැලසුම් සහගත ලෙස මෙම පුද්ගලයා පිළියන්දල – මඩපාත ප්‍රදේශයේ ස්ථානයකට ගෙන්වා ගෙන තිබේ. එහිදී ඔහුට පහරදී ඝාතනය කර පුළුස්සා වෑන් රථයෙන් මළ සිරුර අධිවේගී මාර්ගයට බැහැර කිරීමට රැගෙන යමින් තිබියදී මෙලෙස පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය පුද්ගලයා යුද හමුදාවෙන් පළා ගිය අයෙකු වන අතර, ඔහුටද ගාල්ල ප්‍රදේශයේ සිදුවු සොරකම් සහ අපචාර සිද්ධීන් කිහිපයක් පිළිබඳ චෝදනා එල්ල වී තිබෙන බව පොලිසිය පවසයි. මේ අතර මුලින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබාදුන් තොරතුරු මත තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>