මල්ලිගේ පොරෝ පහරින් අයියා මියයයි

null

සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් දුරදිග ගොස් බාල සොහොයුරා එල්ල කළ පොරොව පහරකින් වැඩිමහල් සහෝදරයා මියයාමේ පුවතක් ගිනිගත්හේන ප‍්‍රදේශයෙන් වාර්තා වේ. මෙසේ ඝාතනය කර ඇත්තේ ගිනිගත්හේන රංජුරාව, මැඩිල්ල හත්ලා ප‍්‍රදේශයේ පදිංචි එස්. සෙනෙවිරත්න නම් 35 හැවිරිදි අයෙකි.

මොවුන් දෙදෙනාම විවාහකයින් වන අතර රාති‍්‍ර නිවසේ කිසිවෙකු නොසිටි අවස්ථාවේ මෙම සොහොයුරන් දෙදෙනා අතර ඇති වූ ගැටුමකදී ඝාතනය සිදුව ඇති බව සඳහන් වේ.

මියගිය පුද්ගලයා දැනට ප‍්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ බව පවසන පොලිසිය මෙම ඝාතනය ඉඩම් ආරාවුලක් මත සිදුවී ඇති බව සැක කරයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී තුවාල සහිතව අධික බීමතින් සිටි මල්ලීද මියගිය සහෝදරයාගේ සිරුර සොයා ගැනීමට උදවුවී තිබේ.

මියගිය අයගේ සිරුර නිවස ඉදිරිපිට තිබු බවත් මෙම ඝාතනයට සැකපිට තුවාල සහිතව අධික බීමතින් සිටි මල්ලීව අත් අඩංගුවට ගෙන පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව පිට ගිනිගත්හේන රෝහලේ ප‍්‍රතිකාර ලබන බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>