මලාලාට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට

malala

ලොවම අවදානය යොමු කළ සිද්ධියක් වූ මලාලා යුසුෆායිට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තලෙයිබාන් වෙඩික්කරුවා පාකිස්තානයේදී අත්අඩංගුවට ගත් බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

2012 ඔක්තෝබර් මාසයේ දී මේ දැරිය තලේබාන් කැරළිකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූයේ ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව හඬනැගීමේ ව්‍යාපාරයකට සම්බන්ධවී සිටීම හේතුවෙනි.

ඇය ගමන්කරමින් සිටි පාසල් බස්රිය වයඹදිග පකිස්ථානයේ ස්වැට් නිම්නයේ දී අත්අඩංගුවට ගත් සටන්කාමීන් බස් රථයට වෙඩි තැබූහ. එහිදී මලාලා ද ඇගේ යෙහෙළියන් දෙදෙනකු ද තුවාල ලදහ. මලාලා සුවය ලැබීමට දිගු කාලයක් ගතවිය.

මේ සිද්ධිය ලොව පුරා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර මලාලා ජාත්‍යන්තර අවධානයට ලක්වූවාය. 2013 දී ටයිම්ස් සඟරාව වඩාත් වැදගත් පුද්ගලයන් අතරට ඇය ද නම් කිරීමට කටයුතු කැර තිබිණි. ඇය ජගත් සංවිධාන මහා මණ්ඩලය ද ඇමතුවා. නෙබෙල් සාම ත්‍යාගයට ද නම් කැරුණු ඇයගේ චරිතාපදානය මැතක එළිදක්වා ඇත.

malala01
ඇය වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ අවස්ථාව

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>