මවක් දරුවන් තුන්දෙනා සමග වස බොයි

poision

බිංගිරිය- වීරපොකුණ, පොල්ලන්දළුව ප්‍රදේශයේ මවක දරු තිදෙනාටද වස පොවා තමන්ද වස පානය කර තිබේ. මේ වන විට ඔවුන් සිව්දෙනා හලාවත මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

වස පානය කළ මව සහ දරුවන් තුන්දෙනාගේ තත්ත්වය බරපතල නොවන බව හලාවත රෝහලේ ප‍්‍රකාශකයෙකු සදහන් කරයි. 27 හැවිරිදි මව සිය වයස අවුරුදු එකයි මාස දෙකක සහ වයස අවුරුදු 7 ක දැරියන් දෙදෙනාට සහ පස් හැවිරිදි පිරිමි දරුවාට වස පොවා තමා ද වස පානය කර තිබුණේ නිවසේ ළිඳ අසලදීයි.

කෙසේවෙතත් මෙම මව කිසියම් මානසික ආතතියකින් පෙළුණු බවට අනාවරණ වී ඇතැයි පොලීසිය පවසයි. මෙම සිද්ධියට එය හේතුවක් වී ඇත්ද යන්න පරීක්ෂණ ක්‍රියාත්මක බව වැඩිදුරටත් සඳහන්ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>