මවගේ පහරදීමෙන් සය හැවිරිදි දැරියක් මියයයි

01

බේරුවලදී පියෙකුගේ අමානුෂික පහරදීමකින් අවුරුදු එක හමාරක දැරියක මියයාමේ සිද්ධියෙන් පසු මවකගේ අමානුෂික පහරදීම නිසා අවුරුදු 6ක දැරියක් මියගිය තවත් ඛේදනීය පුවතක් වැල්ලම්පිටියෙන් ද වාර්තා වේ.

එම දැරියගේ හත් හැවිරිදි සොහොයුරා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ නංගිගේ ගෙල මිරිකා මව ඇයට පයින් පහරදුන් බවය. පහරදීම හමුවේ දැඩි ලෙස අසාධ්‍ය වූ එම දැරිය ඊයේ උදෑසන කොළඹ ‍රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ නාගහමුල්ල පාර, කොලොන්නාව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 6ක් වන ෆාතිමා සෆියා නැමැති දැරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 29 හැවිරිදි දැරියගේ මව අත්අඩංගුවට ගෙන ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>