මවට ඉඳුල් වතුර විසි කළැයි උරණ වී පුතුන් දෙදෙනා පුද්ගලයෙකු පහර දී මරලා
කළුතර, දොඩන්ගොඩ සියඹලාගහ ලැයිම ප්රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් එකම පවුලේ පිරිමි ළමුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අසල්වැසි නිවසක පදිංචිවී සිටි එම පුද්ගලයා ආහාර ගත් බඳුන සෝදා එම වතුර එළියට විසි කිරිමේදී කාන්තාවකගේ ඇඟේ වැටී ඇති බව සඳහන්ය.
අනතුරුව එම කාන්තාවගේ ළමුන් දෙදෙනා එම පුද්ගලයා සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එහිදි ඔවුන් එම පුද්ගලයට පොල්ලකින් පහරදී තිබේ. පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දොඩන්ගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකාර 17 හැවිරිදි සහ 13 න් හැවිරිදි ළමුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මතුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
කෙසේ වෙතත් මෙම ඉඳුල් වතුරෙන් පහරදීම අත්වැරැද්දකින් සිදුවූවා ද, නැතහොත් සිතාමතා සිදුකළා ද යන්න පිළිබදව මෙතෙක් නිශ්චිතව ප්රකාශ කළ නොහැකි බව පොලීසිය සදහන් කරයි. ළමුන් දෙදෙනා පොලිසියට පවසා ඇත්තේ අදාල පුද්ගලයා මීට පෙරද තම මවට අඩන්තේට්ටකම් කර ඇති බවයි.