මවට සහ පුතුට කොල්ලකරුවන්ගෙන් වෙඩි

null

දංකොටුව, කිරාගාර ප‍්‍රදේශයේදී ආයුධ සන්නද්ධව පැමිණි කොල්ලකරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් මවක් සහ පුතෙකු තුවාල ලබා මීගමුව මහරෝහලට ඇතුළත් කර තිබේ.

රාත්‍රී 10.00 ට පමණ යතුරුපැදියකින් දෙදෙනෙකු පැමිණ ඇති අතර එක් අයෙකු අත ගිනි අවියක් තිබී ඇත.

ඔවුන් ගිනි අවිය පෙන්වා නිවැසියන් බිය කර කොල්ලකෑමට උත්සහ කරද්දී ගෙහිමියා විසින් කොල්ලකරුවෙකුට පුටුවකින් පහරදී තිබෙන අතර ඒ සමගම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති කොල්ලකරුවන් ඔවුන් පැමිණි යතුරු පපැදියේ නැඟී පලා ගොස් තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

සිද්ධියට මුහුණ දී ඇති නිවසේ හිමිකරු උළු මෝලක හිමිකරුවෙකු වන ව්‍යාපාරිකයෙකි. වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඔහුගේ බිරිඳ සහ දරුවයි.

දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන බව වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>