මවත් දියණියත් ලොරියකට බිලි වෙයි

lorry

පිළියන්දල – කහතුඩුව ප‍්‍රගති මාවතේදී ලොරියකට යටවී මවක සහ කුඩා දැරියක ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත්වී ඇත. ලොරියේ ටයර් පිපිරී යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් තුවාල ලැබූ තවත් 4 දෙනෙකු මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ සහ පිළියන්දල – වෑතර රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 10ක පමණ ළමයින් දෙදෙනෙකු සිටි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව සදහන්. මිය ගිය මවගේ වයස අවුරුදු 36ක් වන අතර කුඩා දැරියගේ වයස අවුරුදු 4ක්. ඔවුන් පිළියන්දල – ගෝනපළ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

01

02

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>