මව දියණිය යොදාගෙන සොරකම් කිහිපයක්ම සිදුකරලා

null

හොරණ – ඉංගිරිය නගරයේ පාවහන් වෙළඳසැලකින් මුදල් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ මවට සොරකම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ලවී ඇති බවට වාර්තා වෙයි.

මේ වන විට ඊට අදාල නඩු 9ක් පමණ අධිකරණ වල විභාග වන බව සඳහන්.

40 හැවිරිදි මෙම මව තම 8 හැවිරිදි කුඩා දියණිය යොදවා ඉංගිරිය නගරයේ පාවහන් වෙළඳසැලකින් රුපියල් 55,000ක මුදලක් සොරකම් කරන ආකාරය එම වෙළඳසැලේ ආරක්ෂක කැමරා වල සටහන් වී තිබේ.

මෙම දැරිය සොරකම් කරන අතරවාරයේදී ඇයට ආවරණය සළසන්නේ මව සහ 19 හැවරිදි වැඩිමහල් සහෝදරියයි. එම වැඩිමහල් සහෝදරිය එම ස්ථානයට පැමිණෙන්නේ ඇයගේ කුඩා දියණිය ද සමග වීම විශේෂත්වයක්.

මේ වනවිට එම කාන්තාවන් දෙදෙනා සහ දැරිය පොලිස් භාරයට ගෙන ඇත.

මෙම කාන්තාවන් විසින්ම සිදු කළ බව කියන තවත් සොරකමක දර්ශන මාධ්‍යයට ලැබී තිබේ. එය පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>