මව නැති දුකට පියා දරු තිදෙනා සමග ඇල්ලෙන් පනින්න හදලා

null

පියෙක් සහ දියණියන් තිදෙනෙක් අද (16) පෙරවරුවේ රාවණා ඇල්ල දියඇල්ලට පැන සියදිවි නසාගැනිමට උත්සාහ කර තිබේ. එම පියා 32 හැවිරිදි වියේ පසුවන අතර දියණියන් දෙදෙනා වයස අවුරුදු 12 ,8 සහ 5 යන වයස්වල පසුවන බව වාර්තා වේ.

සැමියා සමග ඇතිවු පවුල් ආරවුලක් මත මෙම දියණියන්ගේ මව නිවසින් පිටවි ගොස් ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් මෙලෙස සියදිවි නසාගැනිමට උත්සාහ කර තිබේ.

දියතලාව උනකන්ද සිය නිවසේ සිට බස්රථයකින් රාවනාඇල්ල දිය ඇල්ල අසලට පැමිණ ඇති ඔවුන් දිය ඇල්ල අසල සිටි තරණයෙකුගෙන් ජංගම දුරකථනයක් ඉල්ලාගෙන සිය මවට කතාකර දිවි නසා ගන්නා බව දැනුම් දී ඇත.

ටික මොහොතකට පසු දරුවන්ගේ මවගෙන් දුරකථනය හිමි තරුණයාට යළිත් දුරකථන ඇමතුමක් ලැබී ඇති බවත් “අනේ ඒ අයට ඇල්ලට පනින්න දෙන්න එපා” යැයි මව ආයාචනා කර ඇති බවත් ඇල්ල පොලිසිය සඳහන් කරයි.

පසුව එම තරුණයා මේ බව සිය පියාට දැනුම්දි ඇති අතර පියා ඇල්ල පොලිසියට දැනුමි දී තිබේ. එම තරුණයා එතැන සිට තවත් අයගේ උදව් ඇතිව ඹවුන් දියඇල්ලට පැනීම වළක්වාගෙන සිටිය දී පොලිසිය පැමිණ ඔවුන් සිය භාරයට ගෙන ඇත.

මේ අතර මෙම දරුවන් නිවස වසා තිබීම ගැන සැක සිතූ අසල්වැසි යෙකු නිවසේ දොර කඩා බලන විට “මම දරුවන් සමග රාවනාඇල්ලට පැන සිය දිවි නසාගන්නවා” යැයි, නිවෙස් හිමියා නිවසේ බිත්තියක ලියා තිබෙනු දැක ඇතැයිද වාර්තා වෙයි.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>