මව පියා හා දරු දෙදෙනා එක්‌ව අයකු මරා පැන යති

null

ත්‍රිරෝද රථයකින් පැමිණි අඹු සැමි යුවළක්‌ සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනා කොටහේන ජම්පටා වීදිය මාර්ගය අසල සිටි පාතාල සාමාජිකයකුට අමානුෂික ලෙස පහරදී කපා කොටා ඝාතනය කර මුළු ප්‍රදේශයම භීතියට පත්කර පලාගොස්‌ ඇත.

ඊයේ (5 වැනිදා) පෙරවරු 11.30 ට පමණ මෙම සිද්ධිය වී ඇත්තේ දෙනෝ දාහක්‌ දෙනා බලා සිටියදී බව පොලිසිය පවසයි.මෙහිදී ඝාතනයට ලක්‌ව ඇත්තේ ජෝන් පීටර් රෙක්‌සි රීගන් නමැති තිස්‌තුන් හැවිරිදි අවිවාහකයෙකි.

මෙම ඝාතනය සඳහා පැමිණි ජම්පටා සෙල්වි නමැති කාන්තාවගේ සොහොයුරා මීට වසර කීපයකට උඩදී රෙක්‌සි රීගන් නමැත්තා විසින් ඝාතනය කර තිබූ බව පොලිසිය පවසයි.

එම ඝාතනයට පලිගැනීම සඳහා ජම්පටා සෙල්වි නමැති කාන්තාව සිය සැමියා සහ දරුවන් දෙදෙනා සමග පැමිණ රීගන් නමැත්තාට කඩු සහ මන්නා පිහිවලින් පහරදී ඝාතනය කර ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

ජම්පටා සෙල්විගේ සොහොයුරාගේ ඝාතනය සම්බන්ධයෙන් රෙක්‌සි රීගන් කලක්‌ බන්ධනාගාරගතව සිටියේය.

ජම්පටා සෙල්වි හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවක වන අතර ඇයද වසර කීපයක්‌ බන්ධනාගාරගතව සිට නිදහස ලබා ඇත්තේ මීට මාසයකට පෙරය.

මෙම කාන්තාව ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනා සමග රෙක්‌සි රීගන් ඝාතනය කර පලා යද්දී ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රථය අතරමග පෙරළී ඇති අතර පසුව ඔවුන් වෙනත් ත්‍රිරෝද රථයකින් පලාගොස්‌ තිබේ.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට මහතාගේ උපදෙස්‌ මත කොටහේන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

(හේමන්ත රන්දුණු)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>