මව සමග නිදාගත් දැරිය වෙල් යායකින් මතුවේ

null

ගම්පහ – බෙම්මුල්ල ප‍්‍රදේශයේ රාත්‍රියේ සිය මව සමඟ නිදා සිටි දැරියක් පසුදා වෙල්යායක සිටියදී සොයා ගත් පුවතක් වාර්තා වේ. මෙලෙස ඇය පදිංචි නිවස ආසන්නයේ වෙල්යායක සිටියදී සොයා ගනු ලැබුවේ වයස අවුරුදු දෙකහමාරක පමණ කුඩා දැරියක්.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි මෙම දැරියගේ වැඩිමහල් සොහොයුරා ඊයේ රාත‍්‍රී ශාරීරික අවශ්‍යතාවක් සඳහා නිවසින් පිටතට ගොස් යළි පැමිණෙන විට දැරිය නිවසේ නොසිටීම පිළිබඳව දෙමාපියන් දැනුවත් කර තිබේ.

ඉන් අනතුරුව දෙමාපියන් ප‍්‍රදේශවාසීන් සමඟ එක්ව දැරිය සොයා ඇති අතර, එහිදී නිවසට මීටර් 300 ක් පමණ ඈතින් පිහිටි වෙල්යායක සිටියදී ඇය හමුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

නිදාසිටි දැරිය වෙල්යායකින් හමුවූයේ කෙසේ ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර ඇති අතර පොලිස් නිල සුනඛයන් යොදා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>