මව සහ දරු තිදෙනා මුහුදට බිලිවෙයි

null

හම්බන්තොට – පරණ තංගල්ල පාරේ වෙරළ තීරයේ දිය නෑමට ගිය මවක් සහ දරුවන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද උදෑසන අදාළ මව සහ දරුවන් තුන්දෙනා මුහුදේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී ඔවුන් දියේ ගසාගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් තිබෙන්නේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මවක සහ අවුරුදු දහයක්, අවුරුදු හයක්, අවුරුදු දෙකහාමාරක වයසැති ඇයගේ දරුවන් තිදෙනා යි.

කෙසේ වෙතත් මේ වන විට මවගේ සහ ළමුන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇති අතර අනෙක් දරුවා මේ වන විටත් අතුරුදහන් වී ඇති බව සඳහන්ය.

කොළඹ ප්‍රදේශයේ සිට තංගල්ලේ මංගල උත්සවයක් සඳහා සහභාගී වු පිරිසක් මෙලෙස දියේ ගිළී ඇති බව වාර්තා වෙයි.

null
null
null
null
null

pics – නෙත්/හිරු නිව්ස් 

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>