මව සිය දරුවා වැවක් ළඟ දමාගිහින්

null

මිහින්තලේ මහකනදරාව බෝගහයාය නාන තොටුපළක් අසළ අතරමංකර ගියැයි කියන වයස අවුරුදු තුන හමාරක පිරිමි දරුවකු තමන් බාරයට ගත් බව මිහින්තලේ පොලිසිය කියයි.

දරුවා හඬමින් සිටියදී එහි දියනෑමට ගිය යුවළකට ඔහු හමුවී ඇති අතර ඔවුන් ඒ පිළිබඳව පොලිසියට දන්වා ඇත.

අනතුරුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් දරුවා සිය භාරයට ගෙන ඇති අතර දරුවාගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී තම පදිංචි ප්‍රදේශය වව්නියාව බවත්, පියාගේ නම සම්පත් සහ මව නිලූකා බවත් පවසා ඇත.

සිය මව සහ මාමා කෙනෙකු සමග යතුරුපැදියකින් මහකන්දරාව වැව අසලට පැමිණි බවත්, ඉන් පසු මාමා යතුරු පැදියෙන් තමා සහ මව නාන තොටුපොළ අසල බස්‌සවා ආපසු ගිය බවත් දරුවා පොලිසියට පවසා තිබේ.

ඉන් මඳ වේලාවකට පසු දියනෑම සඳහා වෙළෙඳසලකින් සබන් කැටයක්‌ රැගෙන එන තුරු තමාට නාන තොටුපොළ අසලට වී සිටින ලෙසට දැනුම් දී මවද ගියමුත් ඇය ආපසු නොආ බවත් ආකාෂ් දරුවා වැඩිදුරටත් පොලිසියට පවසා ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වන මිහින්තලේ පොලිසිය දරුවාගේ මව සහ පියා පිළිබඳව යම් තොරතුරක්‌ දන්නේ නම් ළඟම පිහිටි පොලිස්‌ ස්‌ථානයට දැනුම් දෙන ලෙස පොලිස්‌ ස්‌ථානාධිපති රුවන් ධර්මපාල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>