මව සිය පුතු සමග නිල්වලා ගඟට පැනලා

null

මාතර මහානාම පාලමෙන් නිල්වලා ගගට පැන මවක් සහ පුතෙකු අතුරුදන් වී තිබේ. ඊයේ රාත්‍රී 11.30 ට පමණ මහානාම පාලම අසල ගමන් බෑගයක් සහ පාවහන් යුගළක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුනු තොරතුරකට අනුව විමර්ශණ ආරම්භ කර තිබුණි.

එම ගමන් බෑගයේ තිබු තොරතුරු අනුව මෙම කාන්තාව 35 හැවිරිදි වන අතර දරුවාගේ වයස අවුරුදු 10 ක් බවට පොලිසිය හෙළිකරගෙන ඇත.

ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචි අතර ගුරු වෘත්තියේ නිරතවී සිට ඇතැයි ද අනාවරණ වී තිබේ.

මෙම කාන්තාව පවුල් ආරවුලක් හේතුවෙන් කලකිරී සිට ඇති බවට වැඩිදුරටත් හෙළිවී ඇත.

අතුරුදන් වු කාන්තාව සහ කුඩා දරුවා සොයා මාතර පොලිසිය සහ කිමිදුම්කරුවන් මේවන විට මෙහෙයුම් සිදුකරමින් පවති.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>