09 Apr 2015
මහනාහිමියන්ගේ දේහය රිය පෙරහරකින් මහනුවරට
සිංගප්පූරුවේ සිට දිවයිනට වැඩම කරවූ අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ ශ‍්‍රී දේහය මහනුවරට රැගෙන යාමේ රිය පෙරහැර බොරැල්ලෙන් ගමන් ආරම්භ කර තිබේ.
ඊයේ රාත්‍රී 9.05 ට පමණ මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය විශේෂ ගුවන් යානයකින් දිවයිනට වැඩම කරවනු ලැබු අතර ඉන් අනතුරුවයි ශ්‍රී දේහය රැගත් රිය පෙරහර කොළඹ මල් ශාලාවක් වෙත රැගෙන එනු ලැබුවේය.
අද උදෑසන 7.30ට පමණ මහනාහිමියන්ගේ ශ‍්‍රී දේහය රැගත් රිය පෙරහැර ගමන් ආරම්භ කළ බව වාර්තා වේ. අපවත් වී වදාළ මහනාහිමියන්ගේ අවසන් කටයුතු ලබන 12 වෙනිදා මහනුවර පොලිස් ක‍්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතයි.
ආචාර වෙඩි මුර 17ක් මගින් අස්ගිරි මහනාහිමියන්ට ගෞරව දැක්වීමට සැලසුම් කර තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.