මහනුවර අධිවේගයේ වැඩ ලබන පෙබරවාරියේ

null

කොළඹ – මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේ පෙබරවාරි හෝ මාර්තුවලදී ආරම්භ කරන බව විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

මහනුවර – කුණ්ඩසාලේ ප්‍රදේශයේ ඊයේ (14) පැවති උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

මේ අතර, එම අවස්ථාවටම සහභාගිවෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර ඇත්තේ දැනට මහනුවර දිස්ත්‍රික්කයේ මාර්ග කාපට් කිරීමේ කටයුතු අවසන් කර ඇත්තේ 65% ක් පමණක් බවයි.

ඉතිරි 35% ඉදිරි වසර 03 තුළ අවසන් කර පෙන්වන්නැයි මෙහිදී ඔහු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් අමාත්‍යවරයාට අභියෝගයක් ද ඉදිරිපත් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>