මහනුවර ප්‍රථම කුඹල් පෙරහැර අද

perahara
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමුවන කුඹල් පෙරහැර අද (01) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ. පස්වරු 05.45ට දකුණු දිශාභිමුඛව දේවාලයන්හිදී පිටත් වන පෙරහර සිරිත් පරිදි ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටට පැමිණෙනු ඇත. පසුව පෙරහර රාත්‍රී 07.50ට දකුණු දිශාභිමුඛව පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ, දේව වීදිය, කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය), යටිනුවර වීදිය, රජ වීදිය, ඔස්සේ ගමන් කිරීමට නියමිතය.

දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල සඳහන් කරන්නේ අද සිට අගෝස්තු 05 වැනිදා දක්වා කුඹල් පෙරහැර වීථි සංචාරය කරන අතර අගෝස්තු 6 වැනිදා සිට රන්දෝලි පෙරහැර ආරම්භ වන බවයි. තවද අද දිනයේදී සුදු වර්ණයට මූලිකත්වය දී ඇති බවද වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මේ අතර, පෙරහර සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් කි‍්‍රයාත්මක වන බව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී.අඹන්වල ප‍්‍රකාශ කළා. මහනුවර ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>