මහමගදී කාන්තාවකගේ පාදය කපා දමයි

null

බලන්ගොඩ දෙහිගස්තලාව ප‍්‍රදේශයේ දී ඊයේ පස්වරුවේ කාන්තාවකගේ පාදයක් විලුඹ අසලින් කපා වෙන්කර සැකකරුවන් එම කොටස රැගෙන ගිය පුවතක් වාර්තා වේ. මෙම අපරාධයට ලක්වු කාන්තාව බලන්ගොඩ නගර සභාවට අයත් පුස්තකාලයක පුස්තකාලාධිපතිනිය ලෙස සේවය කර ඇත. ඇය රාජකාරි නිමවා නිවසට යමින් සිටියදී එම අනතුරට මුහුණ පා තිබේ.

ප්‍රදේශවාසියෙකු පැවසුවේ අදාළ කාන්තාව පසුපස හඹා ආ පුද්ගලයන් දෙදෙනෙකු ‍එලෙස ඇයට තුවාල සිදු කළ බව ය.

පරීක්ෂණ ආරම්භ කල පොලිසිය අපරාධය සඳහා යොදා ගැනුණු බව කියන මන්නයක් ඊයේ රාත‍්‍රියේ සොයා ගෙන තිබුන අතර සැකකරුවන් දෙදෙනා පොලිසිය විසින් අද අළුයම අත්අඩංගුවට ගැනුණා. මෙම සැකකරුවන් එකම පවුලේ පියා සහ පුතා බවය පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

පසුව හෙළි වුයේ මොවුන් තුවාල ලැබූ කාන්තාවගේ සහෝදරයා සහ එම සහෝදරයාගේ පුත්‍රයෙකු බවයි.

තුවාල ලැබූ කාන්තාව මේ වනවිට බලංගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර කපා දැමූ පාද කොටස රැගෙන ආවේ නම් එය බද්ධ කළ හැකිව තිබූ බව රෝහලේදී ඥාතීන්ට දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>