02 Nov 2015
මහමග දමා ගිය බිළිඳා බේරාගත් සුනඛයා
අලුත උපන් බිළිඳෙකු මහමග දමා ගොස් සිටියදී සුනඛයකු විසින් බේරාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාල සුනඛයා බේරාගෙන ඇත්තේ කසළ බඳුනක දමා ගිය බිළිඳෙකු බවට සඳහන්.
සෞදි අරබියෙහි ‘සාඩා’ පුවත්පතෙහි මෙම ඡායාරූප පළවී ඇති අතර සිද්ධිය සිදුවී ඇත්තේ කුමන ප්‍රදේශයේ දැයි අනාවරණය කර නොමැත.
එම සුනඛයා පෙකණි වැල සහිතව සිටි අලුත උපන් බිළිඳා කටින් ගෙන අසල පිහිටි නිවසකට රැගෙන ගොස් නොනවත්වා බුරන්නට වී තිබේ.
පසුව එම නිවැසියන් පැමිණ බිළිඳා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.