27 Oct 2015
මහමග බෝතල් එකතුකර රූ රැජිණක් වූ තරුණිය
තායිලන්තයේ දුප්පත් පවුලක ඉපිද රූ රැජිණක් වූ රූමත් තරුණියක් පිලිබඳ පුවතක් මේ දින වල අන්තර්ජාලයේ සමාජජාල වෙබ් අඩවි වල හුවමාරු වෙමින් පවතී.
රැකියාව වශයෙන් කුණු බාල්දි වල මෙන්ම මහමග වැටී ඇති බෝතල්ද එකතු කරන බවට පැවසෙන මෙම තරුණියගේ පවුල ජිවත් වී ඇත්තේ අබලන් වූ නිවසක යි.
එමෙන්ම ඇයගේ මවද දියණියගේ අනාගතය වෙනුවෙන් නොවිඳිනා දුක් විඳි බවට අන්තර්ජාලයේ තොරතුරු වල සඳහන් වේ.
කෙසේ නමුත් 2015 වසරේ තායිලන්තයේ පැවති Miss Uncensored නම් රූ රැජිණියන් තේරීමේ තරඟයට ඉදිරිපත් වූ ඇය එයින් ප්රථම ස්ථානය ලබාගෙන තිබේ.