මහරගමදී නළුවා ඝාතනය කර ඇත්තේ නිළියක්
පසුගිය 29 වනදා අලූයම් කාලයේ මහරගම ප්‍රදේශයේ අවන්හලක් තුළදී ඇතිවූ ගැටුමකින් පසු එල්ලවූ පිහි පහරකින් ටෙලි නාට්‍ය නළුවෙකු වූ ඉන්දික රත්නායක මහතා මියගොස් තිබුණි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු මේ වන විට බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, හාලිඇළ බෝගහමඩිත්ත ප්‍රදේශයේ හෝටලයක සිටියදීයි.
පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් කාන්තාව නවක ටෙලි නාට්‍ය නිළියක් සහ නිරූපිකාවක් බවයි. මෙම ටෙලි නිළිය සතු අත්බෑගයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 100 ක්ද අත්අඩංගුවට පත්වනවිට සොයා ගෙන තිබේ.
සිද්ධිය වුණ දා ඉන්දික රත්නායක මහතා මිතුරන් දෙදෙනකු සමග අවන්හලට ගොස් තිබුණ බවත් අවන්හලේ සිටි බව කියන ටෙලි නිළි කාන්තාවක හමුවූ බවත් පැවසුණා. ගැටුම ඇතිවන්නට පෙර කිසියම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් දෙදෙනා කතාබහ කරමින් සිට ඇත. කාන්තාව සමග සිටි පිරිසේ අයකු ඉන්දික අසළට පැමිණ ඔහු සමග බහින් බස්වී ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. එම අවස්ථාවේ ගැටුම අතින් පයින් පහරදෙන මට්ටමට දුරදිග කිය බවත් පැවසුණා. පිහි ඇනුම සිදු කළේ කාන්තාවද නැතිනම් පෙර කී තරුණයාද යන්න තවම නිශ්චය කර නැත.
මෙම රංගන ශිල්පියාගේ මුඛය සහ පපු ප්‍රදේශයට පිහි ඇනුම් 4 ක් එල්ල වී ඇති සලකුණු හඳුනාගත් බව පොලිසිය පවසයි. එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවත් එක් සැකකරුවෙකු අවස්ථා කිහිපයකදී අධිකරණයෙන් දඩුවම් ලැබූ අයෙකු බවත් පොලීසිය පවසයි.
වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.