03 Dec 2014
මහරගම කොල්ලයේ CCTV දර්ශන
මහරගම – පිළියන්දල පාරේ වෙළඳසලකට පෙරේදා (01) රාත්රියේ පැමිණි කොල්ලකරුවන් පිරිසක් එහි මුදල් කොල්ලකා වෙඩි තබා පලා ගොස් තිබුණි.
එහි සේවකයින් කොල්ලකරුවන් වැළක්වීමට උත්සහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.
හිස් වැසුම් හා ආරක්ෂිත කබා සහිතව පැමිණ මුදල් කොල්ලකන අයුරු ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබී ඇති අතර කොල්ලකරුවන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් කොල්ලකා ඇති බව පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන අතර ඉන් එක් අයෙකු ප්රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේය.
මහරගම පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.