මහරගම වෙඩි තැබීමකින් දෙදෙනෙකු රෝහලේ

null

මහරගම – පිළියන්දල පාරේ පිහිටි වෙළදසැලකට කොල්ලයක් සඳහා පැමිණි දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් වෙළදසැලේ සිටි දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයේ (01) රාත‍්‍රී 9.30ට පමණ මෙම සැකකරුවන් දෙදෙනා වෙළඳසැල කොල්ලකෑමට පැමිණ ඇති අතර වෙළදසැලේ හිමිකරු සහ සේවකයන් බිය ගන්වා වෙළෙඳසැලෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් කොල්ලකා පලාගොස් ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මහරගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>