මහරැජිණගේ ආරාධනයෙන් ජනපති එංගලන්තයට

null

සිව්දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරු 10.13 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 651 දරණ මගී ගුවන් යානයෙන් බි‍්‍රතාන්‍ය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ, බි‍්‍රතාන්‍ය මහරැජිණගේ ප‍්‍රධානත්වයෙන් එළඹෙන සඳුඳා පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළෙලට සහභාගි වීමේ අරමුණින්.

මෙම සංචාරය අතරතුර දී මහ රැජින සමඟ විශේෂ හමුවකට මෙන් ම දිවා භෝජන සංග්‍රහයකට ද එක් වන ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අගමැතිවරයා සමඟ ද විශේෂ සාකච්ඡාවකට එක් වීමට නියමිතය.

ජනාධිපතිවරයා සිය සංචාරයේ දී රජයේ දින සියයේ වැඩසටහන ක‍්‍රියාත්මක වන ආකාරය මෙන්ම රටේ සංහිඳියාව ඇති කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ජනාධිපතිවරයා සමග ජනපති ආර්යා ජයන්ති සිරිසේන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද එහි ගියහ.

සාමාන්‍ය ගුවන් මගීන්ගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් ගුවන් යානය පිටත්වීමට පැයකට කළින් මෛත්‍රීපාල සිරිසේන මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>