මහල් නිවසින් වැටුණු තරුණිය පෙම්වතා සමග පැනයන්න ඉඳලා

null

ග‍්‍රෑන්ඩ්පාස් – මුවදොරඋයන නව නිවාස සංකීර්ණයේ 6 වැනි මහලින් වැටී මියගිය තරුණිය, තරුණයෙකු සමඟ පැන යාමේ උත්සාහයක් තිබුණු බව අසල්වැසියෙකු පවසා තිබේ.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි මෙම තරුණිය පදිංචිව සිටි නිවසට යාබද නිවසේ පදිංචි එම පුද්ගලයා පවසා ඇත්තේ ඇය යම් තරුණයෙකු සමඟ පැන යාමේ උත්සාහයක් පැවති අතර, එහිදී මෙම අනතුරට මුහුණදී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර ඇය ඉහල මහලෙන් පැන්නද නැතිනම් කිසියම් පුද්ගලයෙක් ඇයව තල්ලු කරාද යන්න ගැන විමර්ශන සිදුකෙරේ.

ඊයේ රාත්‍රී 11.30 ට පමණ මෙම මරණය සිදුව තිබෙන අතර ඇය රාත්‍රී 8.30 ට පමණ ජංගම දුරකථන ඇමතුමක් ද ලබා ගෙන තිබූ බව ඥාතීහු පවසා ඇත.

මේ හේතුවෙන් නිවසින් පැනයාමට උත්සාහ කිරීමේදී ඇය මෙලෙස මහල් නිවාස සංකීර්ණයෙන් වැටී මියගියා ද යන්න පිළිබඳව පොලිස් කණ්ඩායම්වල අවධානය යොමුවී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>