මහවැලි ගඟට පනින්න ගිය තරුණියක් බේරාගනී

null

මහනුවර මහියංගණය මාර්ගයේ බලගොල්ල ප්‍රදේශයේ අසලින් ගලායන මහවැලි ගඟට පනින්න ගිය තරුණියක් බේරාගැනීමට ඒ අවට සිටි පිරිස් සමත්වී තිබේ.

එම තරුණිය ගං ඉවුර දිගේ ඇවිදගොස් ඇති අතර එය දුටු පුද්ගලයෙක් මේ පිළිබඳව අවට පිරිස් දැනුවත් කර තිබේ.

පසුව තවත් පිරිසක් එක්ව ගඟට බැස ඇයව අල්ලාගෙන ගොඩට රැගෙනවිත් තිබෙන අතර ගොඩට ගෙන එන අවස්ථාවේදීද ඇය කළබල කර ඉන් මිදී යන්නට උත්සාහ කර තිබේ.

කෙසේ වෙතත් පොලිසිය පැමිණ ඇයව එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇති අතර ඇය සියදිවි නසාගැනීමට තැත් කළ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පොලීසිය සදහන් කළේ අදාළ තරුණිය බලගොල්ල ප්‍රදේශයේ පදිංචි විසි එක් හැවිරිදි තරුණියක් බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>